2024 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා කියා සිටියේ එම මනාප අංක තේරීම්භාර නිළධාරීවරුන් මඟින් නිකුත් කරන බවයි.

අපේක්ෂකයන් 8,352ක් මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි සඳහන් වන්නේ.

මේ අතර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *