රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ලබාගැනීමට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ස්ථානාධිපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අද (22) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *