ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් පිළිපැදීමට අපොහොසත් වීමෙන් රට ආපස්සට හැරවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහය දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටි අතර ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සැමගේ වගකීම බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා IMF ගිවිසුම්වල දක්වා ඇති ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.
එමෙන්ම ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේ දේශපාලන අරමුණු සහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස සහ ඒ වෙනුවට පවතින රාමුව තුළ කටයුතු කරන ලෙසයි.
කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්ධාරාමයේ පැවති “උරුමය” සින්නක්කර ඔප්පු සහ සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
(rednews)