ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගමන් ගත් ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු පියාසර කරමින් සිටි කුඩා ගුවන් යානයක් වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටී ඇති බවයි නිලධාරීන් පවසා ඇත්තේ.

ඇන්ඩර්ස්ගේ පුත් ග්‍රෙග් තම පියා කුඩා ගුවන් යානය පියාසර කරමින් සිටි බවත්, සිකුරාදා පස්වරුවේ ඔහුගේ සිරුර ගොඩගනු ලැබූ බවත් තහවුරු කර තිබෙනවා.

ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස්, අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වඩාත්ම අමතක නොවන සහ ආශ්වාදජනක රූපවලින් එකක් වන සංකේතාත්මක Earthrise ඡායාරූපය ලබා ගැනීමට සමත් වුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *