ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ලබන 26 වනදා ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තුරු ප්‍රචාරණ කටයුතු තහනම් වන බවයි.

ඒ අනුව අද (23) මැදියම් රැයෙන් පසු, මැතිවරණ ප්‍රචාරණ කිරීමෙන් වළකින ලෙස මැතිවරණයට තරග කරන පක්ෂ, අපේක්ෂකයන් සහ ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *