ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් ලැබීම ඒ කෙරෙහි සෘජුවම බලපා ඇති බවයි.
ඒ අනුව විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු ඒ බව පැවසුවේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
(rednews)