ගෝව ආසන්නයේ වෙළඳ බහාලුම් යාත්‍රාවක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

නෞකාව මුන්ද්‍රා සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබූ අතර දැන් එය ගෝවේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 102 ක් පමණ දුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සඳහා නෞකාවක් යවා ඇති අතර එය එම ස්ථානයට ළඟා වී තිබෙනවා.

එසේම ගිනි නිවීමේ කටයුතු සඳහා තවත් වෙරළාරක්ෂක නෞකා දෙකක් යවා ඇති බව වාර්තා සඳහන් කරනවා.

රළු මුහුද සහ අයහපත් කාලගුණය නොතකා ගිනි නිවීමේ මෙහෙයුම සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *