ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් ඇමරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා.
ඇමරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස් රටවලින් නවීන ගුවන්යානා සහ ඒවායේ කොටස් මිලදී ගැනීමට ඉරානයට නොහැකි වූ බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව ඉරාන ජනතාවට එරෙහිව ඇමරිකාව සිදුකර ඇති අපරාධ ලේඛනයට මෙම අනතුර ද ඇතුළත් වන බව ඔහු කියා සිටියා.
(rednews)