ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙක් වන ඊබ්‍රාහිම් අකීල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.
බේරූට්හි උප නගරයක් වන ඩහී ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ජේජර් සහ වෝකි ටෝකි පුපුරවා හැරීමෙන් අනතුරුව ඊශ්‍රයලය එල්ල කළ දෙවන ප්‍රහාරයද මෙය වනවා.