වප් පුර පසළොස්වක පොහොය අදට (17) යෙදී තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය සැළකෙනවා.

ඒ වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක මෙන්ම කථින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද මෙම වප් පුර පසළොස්වක පොහොය දිනයයි.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩමවීම අද වැනි පොහෝ දිනක සිදු වී තිබෙනවා.

මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම සහ විවරණ ලැබීම ද සිදු වුණේ අද වැනි උතුම් පොහොය දිනකයි.

සංඝමිත්තා තෙරණිය සහ ජය ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවීම සඳහා අරිට්ට අමාත්‍යවරයා දඹදිවට පිටත්ව යාම සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *