උප්පැන්න සහතිකය නොමැති දරුවන් හට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වනවා.

පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන දරුවන් විශාල පිරිසක් දිවයින පුරා සිටින බවට ලැබී ඇති වාර්තා මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *