මෙවර ප්‍රංශ ඔලිම්පික් උළෙල වෙනුවෙන් විශේෂ තේරීම් තරගය මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීයි.
එහිදී ජාතික විවෘත අදියර II මට්ටමේ විශේෂ තේරීම් තරගයක් පැවැත්වීමටයි ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙන්නේ.
මෙම තරගය ලෝක මළල ක්‍රීඩා E කාණ්ඩයේ තරගයක් දක්වා උසස් කර තිබෙනවා.
ඒ පිළිබඳ WA Global Calendar හි ද මේ වනවිට සඳහන්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මෙම තරගය පැවැත්වෙන්නේ පිරිමි මී. 100, මී. 400, හෙල්ල විසිකිරීම, කාන්තා මී. 400, මී. 800, මී. 1500 හා හෙල්ල විසිකිරීම යන තෝරාගත් තරග ඉසව් කිහිපයක් ඔස්සේ පමණයි.
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරන්නේ මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තෝරාගැනීම මේ මස 25 – 27 යන තෙදින තුළ පැවැත්වෙන 102වැනි ජාතික ශූරතාවලියෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බවයි.
(rednews)