ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපති Katerina Weiser අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එම සාකච්ඡාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාවය කෙරෙහිද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම්, අතිරේක ලේකම්ද මෙම හමුවට එක්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *