කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කරන බවයි.

2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණද පැවති ආර්ථික අර්බුදය හමුවේ එම කටයුතු අඩාල වුණා.

ලේකම්වරයා ප්‍රකාශ කළේ නව මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන 9කට පහසුකම් සැලසිය හැකි බවයි.

මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ පළමු මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන් 6කට පහසුකම් සැලසෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *