ඉදිරි වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 41 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගියදා පියවර ගත්තා.
එහිදී පසුගිය වසරවලදී ක්‍රීඩකයින් 29 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කර තිබුණද මෙවර එය 41ක් දක්වා වැඩි කර තිබෙනවා.
ඒ අනුව A, A1, A2, B2, C1, C2 යන කාණ්ඩ ලෙස වර්ග කරමින් මෙම ක්‍රීඩක පිරිස කොන්ත්‍රාත්තුගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2022 වසරේදී අවසන් වරට කොන්ත්‍රාත්තුගතව සිටි 6 දෙනෙකු වන ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ළහිරු තිරිමාන්න, නුවන් ප්‍රදීප්, මිනොද් භානුක සහ ලක්ෂාන් සඳකැන් මෙවර ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට නවක ක්‍රීඩකයින් 18 දෙනෙකු එක්කර ඇති බව සඳහන්.
මේ අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ගෙවන මුදල 100%කින් වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම එක්දින හා T20 ක්‍රීඩකයින්ගේ වැටුප් 25%කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(rednews)