පුනරුත්ථාපන කාර්යංශය විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
කාන්තාවන් සිය දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වව්නියාව ප්‍රදේශයේයි.
මෙම මධ්‍යස්ථානය හරහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් අධිකරණ නියෝග යටතේ පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ද දැනුවත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් මෙම මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස ද විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.