කියුබාවට බලපා තිබෙන රෆායල් සුළි කුණාටුව සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් එරට ජාතික විදුලි පද්ධතියට හානි සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇණහිට ඇති බවයි.

ඒ හේතුවෙන් මිලියන ගණනක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

පසුගිය මාසයේද විදුලි පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එරටට දින 04ක් පමණ විදුලිය ඇණහිට තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් හැත්තෑ දහසක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *