කුඩා වැල්ල ධීවර වරායේ නවතා තිබූ යාත්‍රාවක අද (21) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න හේතුවෙන් ධීවර යාත්‍රා 03කට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

තුෂානි බහුදින ධීවර යාත්‍රාවේ එම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් එම යාත්‍රාවට සහ ඒ ආසන්නයේ නවතා තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවකට සහ කුඩා ප්‍රමාණයේ හානි සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ මෙම ගිනි ගැනීම ගෑස් කාන්දුවක් විය හැකි බවට සැක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *