කොළඹ වරායේ අධිආරක්ෂිත කලාපයෙන් හමුවූ සමූහ මිනී වළේ තුන්වන අධියරේ කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙහිදී තවත් මිනිස් ඇට සැකිලි ඇති බව හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙරට ප්‍රවීනයෙක් වන වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ මේ දක්වා කළ කැණීම්වලින් අවම වශයෙන් මිනිස් ඇටසැකිලි 5ක් නිරාවරණය කරගෙන ඇති බවයි.

මේ අතුරින් ඇටසැකිලි 2ක් ගොඩගෙන අවසන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බණ්ඩාර ඉලංගසිංහ විනිසුරුවරයා විසින් කැණීම් සිදු කරන භූමියේ රැදී සිටිමින් ගොඩ ගනු ලබන අස්ථි කොටස් සහ ඇට සැකිලි පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය කරනු ලබයි.

එමෙන්ම අධිකරණ වෛද්‍ය සුනිල් හෙවගේට එහි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු භාර වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *