සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම වෙනුවෙන් මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කළේ අදාළ මිල සූත්‍රය සකස් කිරීම සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ගේ පිරිවැය පිළිබඳව තොරතුරු මේ වන විට ලබා ගෙන ඇති බවයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල පිළිබඳ පවතින ගැටලුවට විසදුමක් ලෙස සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 6ක මුදලක් ගෙවීමට සංස්ථාව එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් අධිකරණයට ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන පිරවුම්හල්හිමියා සිපෙට්කෝ බෙදාහැරීමේ ජාලයේ කොටස්කරුවෙක් ලෙස සලකමින් අසාධාරණ ලාභයක් ඉපැයීමට ඉඩ නොදෙන බවත් තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *