මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දිය නෑම අවදානම් විය හැකි බව එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළා.

එමෙන්ම ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ද ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *