චීනයේ ෂැංහයි නගරයට තවත් සුළි කුණාටුවක් කඩාවැදී තිබෙනවා.

පුලාසන් සුළි කුණාටුවත් සමඟ එහි මාර්ග හා නිවාස ජලයෙන් යටවී ඇති බවත් එය පැයට කිලෝමීටර 80ක වේගයකින් හමා ඇති බවත් සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් වැඩි බලපෑමක් ෆෙන්ග්ෂියන් ප්‍රදේශයට ඇති වී තිබෙන බවයි.

පසුගියදා චීනයේ ෂැංහයි නගරයට බලපෑ ”යාගී” සුළි කුණාටුවේ අවදානම පහවයාමටත් පෙරදී ඊයේ (19) මෙම සුළි කුණාටුව ඇති වී තිබෙනවා.

දකුණු කොරියාවට සහ ජපානයටද මෙම පුලාසන් සුළි කුණාටුවේ බලපෑම එල්ලවිය හැකි බවයි අනාවැකි පළ කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *