පොල් මිල ඉහළයාම නිසා පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ජංගම පොල් අලෙවි වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එහි පළමු අදියර අද (23) ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල නගර බල ප්‍රදේශවල මුල් කරගනිමින් එය ක්‍රියාත්මක වනවා.

මෙහිදී පොල් ගෙඩියක් රුපියල් 100 – 120 අතර මිලකට පාරිභෝගිකයන්ට ලබා දීමට නියමිතයි.

පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොල් වග කිරීමේ මණ්ඩලය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *