ජනාධිපතිවරණයට අවශ්‍ය තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යොමු කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම්, පරිපාලන ගාස්තු ඇතුළු වියදම් රැසක් ඇස්තමේන්තුවට ඇතුළත් වන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇස්තමේන්තුව පුරෝකථනයක් වන හෙයින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස් වීමේ හැකියාවක් පවතින බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *