ජනාධිපති අනුර කුමාර දිසානායක සහ හාල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (22) පැවැත්වෙනවා.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන් සඳහන් කළේ නාඩු සහල් හිඟය පිළිබඳ එහිදී සාකච්ඡා කරන බවයි.
වෙළඳපොලේ නාඩු සහල් මිල ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පෙන්වා දෙනවා.
එමෙන්ම ඇතැම් වෙළඳුන් නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 240ක වැනි මිලකට අලෙවි කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වෙළඳුන් පෙන්වා දෙන්නේ වෙළඳපොල තුළ නාඩු සහල්වල හිඟයක් පවතින බවයි.