ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමානායක වෙත පැළඳවීම ඊයේ (15) සිදු කළා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකා දෘශ්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා විසින් එම කොඩිය ජනාධිපති ලේකම්වරයා වෙත පළඳවා තිබෙනවා.

ඔහු සඳහන් කළේ කොඩි අළෙවි කිරීමෙන් ලැබෙන අදායම දෘශ්‍යාභාධිත සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්ගේ සුබසාධනය ඇතුළු පහසුකම් සැලසීමට යොදවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *