මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම හා ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ අතර පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකල දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය.
(rednews)