2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසයේ ඊයේ (19) දිනය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 26,964ක් වාර්තා වී තිබෙනවා.

බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 10,021ක්, උතුරු පළාතෙන් 4,485ක්, මධ්‍යම පළාතෙන් 2,472ක්, වයඹ පළාතෙන් 1,908ක්, දකුණු පළාතෙන් 1,983ක් සහ සබරගමු පළාතෙන් 2,724ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ සිදුව ඇති ඩෙංගු රෝගී මරණ ගණන 9ක්.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ වයඹ, දකුණ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ද ඩෙංගු පැතිරයාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *