ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ නිලධාරිනියන් 12,434 දෙනකුට 16 වැනි රණවිරු දින සැමරුමට සමගාමීව ඊයේ (19) සිට බලපැවැත්වෙන පරිදි නිල උසස් වීම් ලබා දී තිබෙනවා.
බලලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 225 දෙනකු බලලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 816 දෙනකු බලලත් නිලධාරි II නිලයටත් උසස්කර තිබෙනවා.
සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 1191 දෙනකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 2302 දෙනකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 3468 දෙනකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 2091 දෙනකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසනවා.