මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 23 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සහ නොවැම්බර් 4 වනදා දිනවලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට නියමිතයි.

අනෙකුත් රාජ්‍ය ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 01 වනදා සහ 04 යන දිනවලදී සිදු කරන බවයි වාර්තා වන්නේ.

එම දිනයන් වල තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන පිරිස් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන මස 07 සහ 08 යන දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *