දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම සහ පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වන බවයි.

අඛණ්ඩව සිදු වන දුම්රිය පීලි පැනීම්, දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත්වීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *