ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ මහ කොමසාරිස්වරුන් පස් දෙනෙකුගේ සහ තානාපතිවරුන් 9 දෙනෙකුගේ අක්තපත්‍ර භාර ගැනීම සිදු වුණා.
ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දීයි.
මෙම අවස්ථාවට නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය නියෝජනය කරමින් මහ කොමසාරිස්වරු පැමිණ සිටියා.
මීට අමතරව, ග්වාතමාලා ජනරජය, ඇල්ජීරියාවේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියා ජනරජයේ තානාපතිවරු ද ඔවුන්ගේ අක්තපත්‍ර භාර දුන්නා.
එමෙන්ම නව මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් නිල වශයෙන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සංවිධානය කර තිබුණා.
අද දින ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර භාරදුන් නව මහ කොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහතින්.
- Mr. Omar Castañeda Solares – නවදිල්ලියේ පිහිටි ග්වාතමාලා ජනරජයේ තානාපති.
- Mr. Ali Achoui – නවදිල්ලියේ ඇල්ජීරියාවේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති.
- Ms. Marje Luup – නවදිල්ලියේ එස්තෝනියා ජනරජයේ තානාපති.
- Mr. Bounmy Vanmany – නව දිල්ලියේ පිහිටි Lao People’s Democratic Republic හි තානාපති.
- Mr. Victor Hugo Echeverri – නව දිල්ලියේ පිහිටි කොලොම්බියා ජනරජයේ තානාපති.
- Mr. David Gregory Pine – කොළඹ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස්.
- Mr. Semih Lütfü Turgut – කොළඹ පිහිටි Türkiye ජනරජයේ තානාපති.
- Mr. Evagoras Vryonides – නවදිල්ලියේ පිහිටි සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස්.
- Mr. Kevin Kelly – නවදිල්ලියේ පිහිටි අයර්ලන්ත තානාපති.
- Mr. Masood Imad – කොළඹ පිහිටි මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්.
- Ms. Aliki Koutsomitopoulou – නවදිල්ලියේ පිහිටි Hellenic Republic හි තානාපතිනිය.
- Mr. Abu Bakarr Karim – බීජිං හි පිහිටි සියරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්.
- Dr. Nikolay Yankov – නව දිල්ලියේ පිහිටි බල්ගේරියා ජනරජයේ තානාපති.
- Mr. Haymandoyal Dillum – නවදිල්ලියේ පිහිටි මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්.
(rednews)