ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරි මහා මැතිවරණයේදී දිස්ත්‍රික් සියල්ලටම තරග වැදීමට සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

එහිදී ඔහු කියා සිටියේ එම නාම යෝජනා සැකසීමේ කටයුතු පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවයි.

පොදුජන පෙරමුණ වඩාත් ශක්තිමත්ව මහ මැතිවරණයට මුහුණ දීමට සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *