මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (03) නම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඒ අනුව හෙට දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2090ක් විවෘතව තැබෙන බවයි.

ලිපි බෙදීම සඳහා කාර්ය මණ්ඩලය 8000ක් අනුයුක්ත කර තිබෙනවා.

හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා ඔවුන් ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කිරීමට නියමිතයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වනදා දක්වා සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *