ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කර තිබෙනවා.
1978 දී තිරගත වූ මෙම සිනමා නිර්මාණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය, මැයි 17 වන දින 2025 කෑන්ස් උළෙලේදී මෙසේ ප්‍රදර්ශනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අවස්ථාවට එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්දගේ , ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව යන පිරිස සහභාගී වී තිබෙනවා.