පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 46 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව තලෙයිබාන් සංවිධානය පවසන්නේ මියගිය පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවයි.

තලෙයිබාන් සංවිධානය සැඟවී සිටින බවට සැක කෙරෙන ඇෆ්ගනිස්ථානයේ ගම්මාන කිහිපයක් ඉලක්ක කරගනිමින් පාකිස්ථානය විසින් මෙම ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

එමෙන්ම තලෙයිබාන් සංවිධානය අනතුරු අඟවා ඇත්තේ පාකිස්ථානයේ මෙම ප්‍රහාරයට නිසැකවම ප්‍රතිචාර දක්වන බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *