නිරිතදිග පාකිස්ථානයේ පෝලියෝ එන්නත් වැඩසටහනකට සම්බන්ධ වී සිටි පිරිසක් රැගෙන ඒමට ගිය පොලිස් වෑන් රථයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලිස් රථය මාර්ගයේ ධාවනය වන විට කාන්ත පාසලක් අසල නවතා තිබූ යතුරුපැදියක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් 7 දෙනෙක් මියගොස් ඇති අතර 23 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය පුද්ගලයන් අතර පාසල් ළමුන් 5 දෙනෙක් හා පොලිස් නිලධාරියෙක්ද වන බවයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *