පාසල් නිල ඇදුම්වල පළමු තොගය ලබන නොවැම්බර් 13වනදා මෙරටට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

අදියර තුනක් යටතේ ලැබෙන නිල ඇදුම් තොගයේ අවසන් තොගය දෙසැම්බර් 20 වනදා මෙරටට ලැබෙන බවයි සඳහන් වන්නේ.

2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර එම නිල ඇදුම් ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමත්‍යංශය දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *