එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි වතුයායේදී අශ්වයෙකුගේ ප්‍රහාරයකට ලක්වූ බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව 73වන වියේ පසුවන ඇය ප්‍රහාරය හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විය ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පවතිනවා.

කෙසේ වෙතත් මේ සතිය අවසන් වන තුරු ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට නියමිත බවයි බකිංහැම් මාළිගාවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *