බිත්තරයක් අද (22) සිට රුපියල් 42 වැනි මුදලකට වෙළඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ඉදිරියේදී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී යළි බිත්තර මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(rednews)