විවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුදෙනා එක්ව සාමූහිකත්වයෙන් පවත්වන බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනය සඳහා වැදගත්වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අගමැතිවරිය මේ බව කියා සිටියේ කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරය, ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය එක්ව සංවිධානය කළ බුද්ධ රශ්මි වෙසක් කලාපය පෙරේදා (12) විවෘත කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රබෝධය, බෞද්ධ සංස්කෘතිය හා ජාතික අනන්‍යතාව අපේ රටේ බෞද්ධයන්ට පමණක් නොව විදේශීය බෞද්ධයන්ට ද විදෙස් සංචාරකයන්ට ද ලබාදීමට විහාරාධිකාරි කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ දරනු ලබන ප්‍රයත්නය අගය කරන බව අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *