මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝග දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළා.
මත්පැන්හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම් විභාගය ලබන වසරේ පෙබරවාරි 06 වනදා පැවැත්වීමට අධිකරණය නියම කර තිබෙනවා.