සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මැයි 26 සිට ජූනි 01 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීම සිදු කළා.
එහිදී පෞද්ගලික සමාගම් 4,599ක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 1,220ක් මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.
මින් ආයතන 981ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග සහ 3,121කට එරෙහිව නොතීසි ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, රට පුරා පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර 93,874න් 5,000කට ආසන්න ප්‍රමාණයක මදුරු කීටයන් හමු වී තිබෙනවා.
වැඩිදුරටත් සඳහන් වන්නේ ඉන් නිවාස 25,000කට වැඩි ප්‍රමාණයක් අභිජනන ස්ථාන ලෙස සළකුණු කළ බවයි.
එසේම වසංගත රෝග විද්‍යා අංශයට අනුව ජූනි 03 වැනිදා වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,095ක් වාර්තා වී තිබෙනවා.
(rednews)