පොල්ගොල්ල ජලාශයේ නඩත්තු හා මෙහෙයුම් කටයුත්තක් හේතුවෙන් එළඹෙන 27 වනදා එම ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි .

වියළි කාළගුණ තත්ත්වයක් පැවතීම හා මෙම දිනවල රජරට කෘෂිකාර්මික කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් මෙම නඩත්තු කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එබැවින් ජලාශයේ රැස්ව ඇති ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම හේතුවෙන් විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට ජලය සැපයීමක් සිදු නොවන බවද එම අධිකාරිය සඳහන් කළා.

ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ එම නිසා පොල්ගොල්ල ජලාශය හරහා ජලය ලබා ගන්නා පවුල් ලක්ෂයකට පමණ එළඹෙන 28 හා 29 දෙදින ජලය ලබා දීමේ හැකියාවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *