මහනුවර, හීරැස්සගල ප්‍රදේශයේ අල්ලස් ලබාගත් ග්‍රාම නිලධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රාම නිලධාරීවරයා ඉඩම් ගැටලුවක් විසඳීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 25,000ක මුදලක් ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව කොමිසමට පැමිණිලි කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (25) විමර්ශන නිලධාරීන් විසින් අල්ලස් මුදල ලබා දෙන අවස්ථාවේදීම ග්‍රාම නිලධාරීවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටගත් ග්‍රාම නිලධාරීවරයා ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර අධිකරණය නියෝග තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *