මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයන්ට අද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.

තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී නොවැම්බර් 07 සහ 08 යන දෙදින තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *