මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට විශේෂ දිනයන් ද්විත්වයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඔක්තෝබර් මස 27 සහ නොවැම්බර් මස 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කරන බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම එළඹෙන සෙනසුරාදා සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *