අද (25) ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරස්ථානයේ පැවැත්වෙන පෙරහැර හේතුවෙන් මාර්ග අවහිර වීමට ඉඩ ඇති බව සඳහන් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම පෙරහැර අද (25) දින සවස 06.00 සිට වීථි සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවල භූමියෙන් ආරම්භ කරන මෙම පෙරහැර ඉංග්‍රම් හන්දිය, සද්ධර්ම මාවත, ඛෙත්තාරාම පාර, අඩි 100 පාර, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය, ස්ට්‍රේස් පාර, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස් පාර, ඉඟුරුකඩේ හන්දිය, ඇප්රෝච් පාර, බණ්ඩාරනායක හන්දිය, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානය වෙත ගමන් කරන බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *