මෙම වසරේ පළමු මාස හතරක කාලයේදී විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමික ප්‍රජාව මඟින් රුපියල් කෝටි 73,300ක (අමෙරිකානු ඩොලර් බිලියන 2.46) මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබෙනවා.

එය පසුගිය වසරේ පළමු මාස 4ට සාපේක්ෂව සියයට 18.3ක සැලකිය යුතු වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන්නේ.

පසුගිය වසරේදී රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ගණන 314,828ක් ලෙසයි වාර්තා වන්නේ. එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.8ක වර්ධනයක් ද විය. එසේම පසුගිය වසරේ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා රුපියල දැඩිව කඩාවැටීමට ලක් වූ 2022 වසරේ රැකියා සඳහා විදේශගත වූ 310,953ක පිරිස ද ඉක්මවා ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *