ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි සහ ආරක්ෂාව සඳහා මෙවර පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසනවා.
මේ සඳහා මීට පෙර පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද එම පිරිස මේ වන විට 60,000කින් ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා සඳහන් කළා.
පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙබළු පිරිසක්ද මෙලෙස මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට නියමිතව තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් ප්‍රමාණය ඉදිරියේ ඇතිවන අවශ්‍යතාවය මත වෙනස් විය හැකි බවයි.